ආපදාවට පත් පාසල් නිරීක්ෂණයට අගමැතිනිය බදුල්ලට යයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (24) බදුල්ල දිස්ත්‍රික්කයේ යූරි දෙමල විද්‍යාලයට පැමිණ, පසුගිය දිට්වා සුලිකුණාටුවෙන් එම පාසලට සිදුවූ හානිය නිරීක්ෂණය කළේය.
මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ්, ඌව පලාත් ප්‍රධාන ලේකම්තුමිය, පලාත් සභාවේ නිලධාරීන්, ගුරුභවතුන්, සිසු දරුවන් සහ ප්‍රදේශවාසීන්ද සහභාගී විය.