රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීම ඉතා වැදගත් - අගමැති
ෆිනෝමිනල් ට්‍රේඩිං ආයතනයේ අධිපති දේශමාන්‍ය එච්. පී. පියසිරී සහ ඔහුගේ දරුවන්ගේ පූර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදි කරනු ලැබූ දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පි. පියසිරී රජයේ ආයුර්වේද රෝහල සඳහා ඉදිකෙරුණු නව තෙමහල් වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (26) දින එක්ව සිටියා.
ඒ අවස්ථාවේදී දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා විසින් අග්‍රාමාත්‍යවරිය වෙත වාට්ටු සංකීර්ණය නිල ලෙස රජය වෙත භාර දීමේ සන්නස් පත්‍රය පිරිනැමීම සිදු විය.
එහිදී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ රජයත් , පුද්ගලික අංශයත්, ජනතාවත් එක්ව සිදුකළ හැකි සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘතිවලට මෙම රෝහල කදිම උදාහරණයක් බවයි.
සෞන්දර්ය විෂය තෝරගත් සිසුන්ට පණිවිඩයක් විෂය ගැන අගමැතිනි හරිනිගෙන් තීරණයක් - ඉදිරියට සෞන්දර්ය විෂය විභාගයට නෑ?
ඒ අනුව සමාජ වගකීමකින් යුතු ව්‍යාපාරිකයින් පිළිබඳ ආදර්ශ අනාගත පරපුරට ලබා දෙන දක්ෂ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවය මේ යුගය තුළ පවතින බව ද අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කළා.
එසේම අඳාළ තෙමහල් වාට්ටු සංකීර්ණය අංගසම්පූර්ණ ආකාරයට නිමවා පරිත්‍යාග කරමින් ඉටු කළ මෙහෙවරට අග්‍රාමාත්‍යවරිය මෙහි දී දේශමාන්‍ය එච්. ජී. පියසිරී මහතාට සහ පවුලේ සැමට ස්තුතිය ද පුද කර සිටියා.
මේ අතර උත්සව සභාව ආමන්ත්‍රණය කළ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ,
“අද මේ රෝහල ඉදි කළ එච්. පී. පියසිරී මහතාගේ සිහිනය වන්නේ 2030 වසරේ දී මේ ගම් ප්‍රදේශය සංචාරක කර්මාන්තය හරහා ආර්ථික වශයෙන් දියුණු කිරීම. ආයුර්වේද කර්මාන්තය, සංචාරක කර්මාන්තය හා සම්බන්ධව දියුණු කොට සුවතා සංචාරක කර්මාන්තයක් (wellness tourism ) දක්වා ගෙනයාම ඉතා වැදගත් දෙයක්. මෙය ප්‍රතිකාරයක් වගේම සත්කාරයක්. මෙය අපේ රට ලෝකයේ තවත් ඉදිරියට රැගෙන යන්න පුළුවන් ව්‍යවසායක අදහසක්. ඒ වෙනුවෙන් වූ පියසිරී මහතාගෙ දැක්ම ඉතා වැදගත්. ඒ වගේම ආයුර්වේද රෝහලක් කියන්නෙ රජයේ රෝහල වගේ ම ජනතාවගේ ජීවිතයේ කොටසක්. මේ වටිනා වැඩපිළිවෙළ වෙනුවෙන් පියසිරී මහතා එතුමාගෙ කොටස ඉටුකරලා තියෙන්නෙ. එතුමාගේ කාර්යයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න අපි රජය ලෙස මැදිහත්වෙනවා. ” යනුවෙන්.
කෙසේ වෙතත් මෙම උත්සව අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය වැඩමවූ අතර දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ යන මහත්වරුන් ඇතුළුව ආරාධිත අමුත්තන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් සහභාගි වූ බව සඳහන්.