කොරෝනා මළසිරුරු භූමිදානයට ස්ථානයක් නම් කෙරේ.

Covid-19 Keheliya Rambukwella
By Thaya Mar 03, 2021 05:12 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් 19 ආසාදනයට ගොදුරු වූවන්ගේ සිරුරු කිලිනොච්චි-දියතලාව ප්‍රදේශයේ භූමදාන කිරීමට තීරණය කර ඇත. කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය. ඒ සඳහා පත් කළ තාක්ෂණික කණ්ඩායම එම ස්ථානය හඳුනාගෙන ඇති බව ඔහු පැවසීය. ශ්‍රී ලංකාවේ මෑතකදී රෝගාබාධවලින් මියගිය අයගේ සිරුරු භූමදාන කිරීමට අවසර දෙන ලදී.