පිරිවෙන් සදහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - ජාතික ප්‍රතිපත්ති ඉදිරියට

Report

පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ, ආචාර්ය රාජකීය පණ්ඩිත පූජ්‍ය කුඹල්ගොඩ ධම්මාලෝක හිමියන් පවසා ඇත්තේ ඉදිරි මාස දෙක තුන තුළ පිරිවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ ජාතික ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

නාවලපිටිය බව්වාගම සිරි ධම්මරතන මහ පිරිවෙනේ 50 වන සංවත්සර උත්සවයට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ වර්තමානයේ රට තුළ බොහෝ ලෙස කතාබහට ලක්ව ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය බවය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කතිකාවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ගැන කතිකාවක්

උන්වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ මෙතෙක් කාලය පුරා පිරිවෙන් අධ්‍යාපනය සඳහා නිශ්චිත පනතක් හෝ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොතිබූ බවත්, එම හිඩසය පුරවා ගනිමින් පිරිවෙන් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැන් කටයුතු ආරම්භ කර ඇති බවත්ය.

කුඹල්ගොඩ ධම්මාලෝක හිමියන් අවධාරණය කරන ආකාරයට මහානායක හා අනුනායක හිමිවරුන්ගේ මූලික අනුමැතිය යටතේ මෙම ජාතික ප්‍රතිපත්තිය සකස් කරමින් පවතින අතර, ඉදිරි මාස දෙක තුළ එය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම ප්‍රතිසංස්කරණය තුළින්, රටේ සංඝරත්නය සහ විද්වත් පිරිස ඉල්ලා සිටින පරිදි, පැරණි සම්භාව්‍ය අධ්‍යාපන ක්‍රමය බෞද්ධ දර්ශනය, ත්‍රිපිටක ධර්මය, පාලි සහ සංස්කෘත භාෂා ඇතුළු පිරිවෙන් අධ්‍යාපන උරුමය නැවත ශක්තිමත් ලෙස හඳුන්වා දීමට අපේක්ෂා කරන බවයි.

එමගින් පෞරුෂවත්, ධර්මධර හා භාෂාන්තර විශාරද භික්ෂූන් වහන්සේලා බිහි කිරීමට පිරිවෙන් අධ්‍යාපනයට විශාල වගකීමක් පවතින බව ද උන්වහන්සේ පැවසූහ. 

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න

රට ඉදන් එන අයට ආයේ මේවා ගේන්න බෑ - එන අයවත් දැනුවත් කරන්න

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි

වාහන සදහා අද සිට මේ නීතිය ක්‍රියාත්මකයි - නොකලොත් දඩ ගැසීම අනිවාර්යයි