කොවිඩ් අවදානමෙන් පොදු වෙළඳ පොළක් හදිසියේම වසා දැමේ
sri lanka
covid 19
Piliyandala
Helth ministry
By Sithumi
කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. වෙළෙඳ පොළේ පුද්ගලයින් සඳහා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගැනිම හේතුවෙන් එම පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසුවේය.
පසුගිය 07 වනදා 269 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබුණි. පවතින තත්ත්වය හමුවේ පිළියන්දල පොදු වෙළෙඳ සංකීර්ණය අද (09) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට සෞඛ්‍ය බලධාරින් හා පිළියන්දල පොලීසිය එක්ව පියවර ගෙන් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....