මැරුණු තරුණයා මළේ නැතැයි ඥනීහු රෝහලේ යකා නටයි

accident death piliyandala kalubovila hospitel
By Sewvandhi Apr 16, 2021 09:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අලුත්‌ අවුරුදු දා මධ්‍යම රාත්‍රියේ දී පිළියන්දල,කොස්වත්ත, කොට්ටාව පාරේදී අනතුරට ලක්ව මිය ගිය තරුණයා මියගොස්‌ නොමැති බව පවසමින්‌ පිළියන්දල දිසාරෝහලට පැමිණි සමීප ඥාතීන්‌ කෑ කෝ ගසමින්‌ හැසුරුණු බව පිළියන්දල පොලිසිය කීයයි. අනතුරින්‌ මියගොස්‌ ඇත්තේ පිළියන්දල, මඩපාත. බෙරවාචල පදිංචිව සිටි ඛනිජ තෙල්‌ නීතිගත සංස්ථාවේ සේවය කරන ප්‍රමුදිත්‌ සායක්කාර (24) නමැති තරුණයා බව පොලිසිය පැවැසීය.

මියගිය තරුණයා පිළියන්දල, විශ්වකලාව ප්‍රදේශයේ සහෝදරියගේ නිවසේ පැවති අවුරුදු සාදයකට සහභාගී වී යළි නිවෙස කරා කොට්ටාව මාර්ගයේ පිළියන්දල මිරිස්වත්ත දෙසට යතුරුපැදියෙන්‌ පැමිණෙමින්‌ සිටියදී යතුරුපැදිය මාර්ගයෙන්‌ පිටතට පැන වෙළෙඳසලක්‌ ඉදිරිපිට හරහට දමා තිබූ යකඬ දම්වැල ද කඩාගෙන ගොස්‌ තාප්පයක ගැටී මෙම අනතර වී තිබූ බව පොලිසිය කීය.

සිදුවූ අනතුරත් සමග ම බරපතළ තුවාල ලද තරුණයා පිළියන්දල දිසා රෝහලට යොමු කර ඇති බව දැනගත්‌ ලාතීහු විශාල පිරිසක්‌ රෝහල ” කරා පැමිණ තරුණයා මිය නොගිය ඛව පවසමින්‌ කෑකෝ ගසා ඇතැයි පොලිසිය සඳහන්‌ කළේය. පිළියන්දල පොලීසියේ නිලධාරීන්‌ හදිසි මරණ පරීක්ෂක අජිත්‌ විජේසිංහ මහනා ‘සමඟ රෝහලට පැමිණ එලෙස හැසිරෙමින්‌ සිටි පිරිසට කරුණු පහදාදීමෙන්‌ අනතුරුව ඔවුන්‌ පිට වී ගිය බව රෝහල්‌ ප්‍රකංශකයෙක්‌ පැවැසීය.

සිදු වූ අනතුරෙන්‌ යතුරුපැදිය ගැටුණු තාප්පයේ කොටසකට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කලේය. සිද්ධිය වු ස්ථානයට සහ පිළියන්දල දිසා රෝහලට පැමිණි පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත්‌ විජේසිංහ මහතා මියගිය තරුණයාගේ මළ සිරුර පි.සි.ආර්‌. පරීක්ෂණ කටයුතු ‘සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්‌ කරන ලෙස පොලිසියට නියෝග කළේය.

පිළියන්දල පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති අශෝක විජේසූරිය මහතාගේ උපදෙස්‌ මත පොලිස්‌ සැරයන්‌ (40619) අතපත්තු, කොස්තාපල්වරුන්‌ වන 92443 තූෂාර, 93671 සනත්‌ යන මහත්වරු පරීක්ෂණ පවත්වති.