පිදුරුතලාගල ගස් කැපිල්ලක් සූදානම්…

Pidurutalagala
By Thaya Mar 22, 2021 05:08 PM GMT
Report

නුදුරු දිනකදීම පිදුරුතලාගල රක්ෂිතයේ ගස් කැපීමේ අවදානමක් ඇතැයි තමන්ට දැනගන්නට ලැබී ඇතැයි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සඳහන් කරයි. වත්මන් රජය බලයට පත් වූ පසුව සිංහරාජය, රඹකැන්ඔය, විල්පත්තුව මෙන්ම මඩකලපුව පොතුවිල් ප්‍රදේශවලද වන විනාශ සිදුකර ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.