අත්අඩංගුවට ගත් පිරිසක් ඇප මත මුදා හරී - බලෙන් ඇතුළු වන පිරිසක් හේතුවෙන් අධිකරණ භූමිය උණුසුම්
Sri lanka
covid 19
Joserph starlin
Baththaramulle
By Sithumi
අද දින අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමය සභාපති ජෝෂප් ස්ටාලින් ඇතුලූ 32ක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හැර තිබේ.
නිරෝධායන නීති කඩ කරමින් බත්තරමුල්ල පොල්දුව වටරවුමේ විරෝධතාවක නිරත වු 31 දෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේ එම ස්ථානයට පැමිණ සිටි පිරිසක් කලබල කිරීම නිසා දැඩි උණුසුම් කාරි තත්ත්වයක් ඇති වූ බව පොලිසිය කියයි.
පිටස්තර පුද්ගලයන් අධිකරණ භූමියට ඇතුළු වීම උත්සහ කිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.
කෙසේ වුවද කිසිවකුටත් අධිකරණ භූමියට ඇතුළු විමට පොලිසිය ඉඩ ලබා දුන්නේ නැත