උද්ඝෝෂණ කරනවා නම් නිරෝධායනයට යන්න රෙදි අරගෙන එන්න

Sri lanka quarantine picketing
By Sithumi Jul 12, 2021 10:57 AM GMT
Report

කොරෝනා වසන්ගතයෙන් ගැලවීමට උත්සාහ කරන අවස්ථාවක ජනතාව ඒකරාශී කර සිදුකරන උද්ඝෝෂණ මගින් සිදුවන්නේ කොරෝනා මාරයාට යළි අතවැනීමක් බව රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා සඳහන් කරයි

. එනිසා උද්ඝෝෂණ සිදුකරන්නට එරෙහිව අනිවාර්යෙන්ම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය. 

 උද්ඝෝෂණ විරෝධතා කරන්නට කිසිවකු එන්නේ නම් ඇඳුම් කිහිපයක්ද රැගෙන නිරෝධායනයට යන්න සූදානමින් පැමිණෙන ලෙස දැනුම්දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය. 

මෙය කිසිවිටෙක තර්ජනයක් නොව ජනතාවට තිබෙන ආදරේ නිසා කරන ඉල්ලීමක් ලෙස සලකන්නැයිද ඔහු පැවසීය. මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.