අඩුවට සුපිරි දුරකථනයක් ගන්න ගිහින් රැවටුණා ද ? ඔබට විශේෂ දැනුම්දීමක් (VIDEO)
අඩු මුදලට නවීන ස්මාර්ට් ජංගම දුරකථන දෙන බව පවසා පාරිභෝගිකයන්ගේ රුපියල් ලක්ෂ 1200කට අධික මුදලක් වංචා කළ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වනවිටත් මෙම වංචාවට හසුවූ 300කට වැඩි පිරිසක් කොල්ලුපිටිය පොලිසියේ පැමිණිලි ගොනුකර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ මේ වනවිට ලැබී ඇති පැමිණිලි අනුව ලක්ෂ 1200කට වැඩි මුදලක් මෙම පුද්ගලයන් විසින් වංචා කර ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි.
කොල්ලුපිටිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන අතර අදාළ වංචාකරුට හසුවූ මෙතෙක් පැමිණිලි ඉදිරිපත් නොකළ යම් කෙනෙකු වේ නම් කොල්ලුපිටිය පොලිසියට පැමිණ වහාම පැමිණිලි කරන ලෙසත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
මෙම වංචාව සම්බන්ධයෙන් හිරු CIA පසුගිය අප්‍රේල් මස 7 වනදා සිදුකළ අනාවරණය පහතින්.