කොවිඩ් පොකුරක් ගැන PHIලා අනතුරු අඟවයි

covid19 isolated PHI quarantine Upul rohana
By Sewvandhi Jun 23, 2021 08:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හැකි ඉක්මනින් ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවකයින් ට කොවිඩ් එන්නත් ලබාදීමට කටයුතු කළ යුතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා පවසා සිටියේ, ඇඟලුම් ආශ්‍රිතව වැඩිවශයෙන් කොවිඩ් රෝගීන් හඳුනාගන්නා බවය.

“මේ මොහොත වෙද්දි ඇඟලුම් කම්හල් රාශියක් ආසාදිතයෝ විශාල වශයෙන් වාර්තා වන තත්ත්වයට පත්වෙලා තියෙනවා. පාලනය කිරීමට අපහසු තරම් රෝගීන් වාර්තා වෙනවා බොහෝ කර්මාන්ත ශාලාවල. ඒ නිසා අපි මේ මොහොතෙත් ඉල්ලනවා හැකි ඉක්මනින් දැනට ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන සහෝදර සහෝදරියන්ට එන්නත් ලබාදීමට කටයුතු කරන්න. ඔවුන්ව කොවිඩ් -19 ආරක්ෂා කරගත්තේ නැතිනම්, ආරක්ෂිත මනසක් ඇති කර ගත්තේ නැතිනම් ඉදිරියේ දී මේ කර්මාන්ත කඩාවැටෙයි කියලා පැහැදිලියි.“

කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, විශේෂ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කර සිටියේ, අලුත් වෛරස ප්‍රභේදයත් සමඟ බෝවීම වැඩිවී ඇති බවය. මේ අතර අදත් දිවයිනේ විවිධ ප්‍රදේශවල කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 60 ට වැඩි ජනතාව වෙත එන්නත් ලබාදීම මෙලෙස සිදුකෙරුණි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now