සෞඛ්‍ය අංශයේ අනතුරුදායක තත්ත්වය ගැන PHI සංගමය පැහැදිලි කරයි

covid19 warning upul rohana phi sprending
By Sewvandhi May 04, 2021 12:50 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මහජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් උද්ගත වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ නිසි පරිදි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරමින් ජනතාව තවදුරටත් කටයුතු කිරීම හේතුවෙන් දෛනිකව ආසාදිතයින් වාර්තාවීම ඉහළ යමින් පවතින බවය.

මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් මෙරට රෝහල් පද්ධතිය තුළ පවතින ධාරිතාව ඉක්මවා යෑම සහ සම්පත් සීමාසහිතවීම හේතුවෙන් සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යනු ඇති බව ඔහු සඳහන් කළේය.

පසුගිය 27 වනදා සිට මෙරට දෛනිකව ආසාදිතයින් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර එය සියයට 70 ක පමණ වර්ධනයක් බව උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව රට තුළ පවතින කොවිඩ් -19 අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සෞඛ්‍ය අංශ වෙත උපරිම සහයෝගය ලබාදෙන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙයි.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now