ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

By Wasantha Apr 27, 2021 07:55 AM GMT
Report

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය අවබෝධ කර ගනිමින් ජනතාව කටයුතු නොකළහොත් එම රෝග ව්‍යාප්තිය වැළැක්වීම සෞඛ්‍ය අංශවල පාලනයෙන් ගිලිහී යා හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා වෙත කියා සිටියේ අලුත් අවුරුදු සමයේ ජනතාව ක්‍රියාකල ආකාරය මේ වනවිට මතුව ඇති කොරෝනා වෛරසයේ සීග්‍ර ව්‍යාප්තියට හේතුවී ඇති බවයි.

මේ වනවිට දිවයිනේ සියළුම දිස්ත්‍රික්කවලින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන බැවින් රටේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින් උපරිම වශයෙන් සෞඛ්‍ය ආරක්‍ෂිතව කටයුතු කළයුතු බවද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළා.