උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පන්නිපිටියේදී අත්අඩංගුවට

Police
By Thaya Mar 16, 2021 06:11 PM GMT
Thaya

Thaya

Report

උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් විවිධ ව්‍යාපාර සහ වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයෙකු පන්නිපිටිය පොල්වත්ත ප්‍රදේශයේදී බස්නාහිර පළාත- දකුණ අපරාධ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ගෙන තිබෙනවා. මෙම සැකකරු උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇදුමින් සැරසී ගමන්කර ඇති බවත් නිළ හැදුනුම්පත ආකාරයට උපපොලිස් පරීක්ෂකවරයෙකුගේ හැදුනුම්පත පෙන්වා ඇති බවටත් තොරතුරු ලැබී ඇති බවයි පොලිසිය පැවසූවේ. එමෙන්ම අදාළ පුද්ගලයා උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සදහන් කරමින් අන්තර්ජාලය ඔස්සේ ඡායාරූපද පළ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.