සුනඛයින් සිටින අය දැඩි අවධානයෙන් සිටින්න...නැත්නම් වැඩ වරදියි.
Dogs
By Thaya
සුනඛයින් ලියපදිංචි කිරීමේ ක්‍රමවේදයක් ඇතුළත් නීති සකස් කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුගේ සංගමය පවසනවා. ඉන් අනතුරුව සුනඛයින්ට අයාලේ සැරිසැරීමට සහ අනවශ්‍ය ලෙස සතුන් ඇති කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු ද සිදුකළ යුතු බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
අයාලේ ගිය සුනඛයින් රංචුවක් මාතලේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන පළමු ශ්‍රේණියේ සිසුවෙකු සපා කෑමේ සිද්ධියක් ඉකුත් දා වාර්තා වුණා. එහිදී තුවාල ලැබූ එම සිසුවා මාතලේ රෝහලට ඇතුළත් කිරීමටයි ගුරුවරුන් පියවර ගෙන තිබුණේ. සුනඛයින් එන්නත්කරණය කිරීමේ ක්‍රියාවලිය අනිවාර්ය කළයුතු බව ද මෙහිදි ප්‍රකාශ කෙරුණා. එමෙන්ම ජනතාවගෙන් මේ සදහා සහාය අවශ්‍ය බවයි ඔහු කියාසිටියේ.