දිස්ත්‍රික් 06ක ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින්න...විශේෂ අනතුරු අඟවීමක්.

Weather
By Thaya Apr 01, 2021 08:26 PM GMT
Report

අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලට අද(01) දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , ඉන් සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බවයි. උෂ්ණ අධික කාලගුණයෙන් වන බලපෑම අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර හැකි තරම් සෙවන සහිත ස්ථානවල රැඳී සිටිය යුතුය. වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් විය යුතු අතර වෙහෙසකාරී කටයුතු සීමා කර, සුදු පැහැ හෝ ලා පැහැති වස්ත්‍ර පළඳින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේය.