ගිය වසරේ වැඩක් කරපු ඇමතිවරුන් අතරට පවිත්‍රා, නාමල් හා ජොනී එක් වෙයි.
බලයට පත්වූ පොදුජන පෙරමුණු ආණ්ඩුවේ පරිසාධන මට්ටම පිළිබඳව කළ සමීක්ෂණයක ප්‍රථිපල දැන් නිකුත් වී තිබෙනවා. එහිදී ගත වූ කාලය ඇතුලත කැබිනට් අමාත්‍යවරුන්ගේ කැපවීම මත කුසලතා දැක්වූ අමාත්‍යංශ වර්ග කර ඇත. එහිදී රටේ සංවර්ධනයට දායකවීම, මහජනතාවගේ කැමැත්ත මත සෞඛ්‍ය අමාත්‍යංශය එම ශ්‍රේණිගත කිරීමේ පළමු තැන ලබාගෙන තිබෙනවා. විශේෂයෙන්ම කොවිඩ් අර්බුදයත් සමගින් එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය මහජන ප්‍රසාදය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි දෙවෙනි තැනට මහා මාර්ග අමාත්‍යංශය පැමිණ තිබෙන අතර විශේෂයෙන්ම එහිදී ග්‍රාමීය මාර්ග සහ යටිතලපහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව බලයට පැමිණි රාජපක්ෂ ආණ්ඩු සෑම එකකදිම පාහේ මෙවරත් මාර්ග සංවර්ධනය සිදු කෙරෙන බැවින් මහා මාර්ග අමාත්‍යංශය කෙරෙහි මහජන ප්‍රසාදය හිමිව ඇති බව සඳහන්. ඒ අනුව එම ශ්‍රේණිගත කිරීමේ දෙවෙනි තැන ලබාගැනීමට මහා මාර්ග අමාත්‍යංශය සමත්ව තිබේ. පසුගියදා පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වීම සහ එහිදී මහජන ප්‍රසාදය හිමිවීම මත ප්‍රධාන හේතු සාධකයක් සමගින් ග්‍රාමියව තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතාවය වැඩි දියුණු කිරීමට සමත්කම් දැක්වීම මත ක්‍රීඩා අමාත්‍යංශය එම ශ්‍රේණිගත කිරීමේ තෙවෙනි තැන ලබාගෙන ඇත.
පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අනෙකුත් දුර්වල අමාත්‍යංශ කෙරෙහිද මින් අවධානය යොමු කිරීම සහ ඒවාද මහජන ප්‍රසාදය කෙරෙහි වර්ධනය කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් දැන් අරඹා ඇතැයිද වාර්තා වෙනවා.