ඉදිරි මාස 7දී ජනගහනයෙන් 63%කට එන්නත ලබා දෙනවා…! – රජය..

By Wasantha May 04, 2021 04:12 PM GMT
Report

ඉදිරි මාස 7 තුළ මෙරට ජනගහනයෙන් 63%කට කොවිඩ් එන්නත ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

මේ වන විට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා ම්ලියන 13ක් ඇනැවුම් කර ඇති බවත් එහි පළමු මාත්‍රා 15 000 දැනටමක් ලැබී ඇති බවත් ඇමැතිනිය සඳහන් කරයි.

එසේ ම ලෝක සෞඛ්‍ය සංව්ධාන covax පහසුකම යටතේ එන්නත් මාත්‍රා මිලියන 8.4ක් ලැබීමට නියමිත බව ද ඇය කියයි. එසේ ම චීන සිනොපාම් එන්නත් ලක්ෂ 06ක් දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශය සතු බව ප්‍රකාශ කළ පවිත්‍රා වන්නිආරච්චි ඇමරිකානු ෆයිසර් එන්නත් මිලියන 05ක් ඇනැවුම් කර ඇති බව ද ප්‍රකාශ කළා ය.

ස්පුට්නික් එන්නත ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධාන නියාමනයට අනුකූල බව ද ඇමැතිනිය පෙන්වා දුන්නාය.