ආණ්ඩුවේ අධිවේගී මුදල් කොල්ලයක් ගැන පාඨලීගෙන් හෙළිදරව්වක්

By Wasantha Jul 14, 2021 09:40 AM GMT
Report

කඩුවෙල සිට කොළඹ දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් සදහා පසුගිය රජය සමයේ ආරම්භ කළ සැළසුම් ඉවත දමමින් වත්මන් රජය විසින් සැළසුම් කර ඇති ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා දිවෙන අධීවේගී මාර්ග ව්‍යාපෘතිය හරහා අති විශාල මුදල් කොල්ලයක් සිදුවන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරනවා.

සියයට 23ක දැවැන්ත ණය පොලී අනුපාතයක් යටතේ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් විදේශීය සමාගමක් වෙත භාර දී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී පාඨලී චම්පික රණවක මහතා මෙම කරුණු අනාවරණ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now