ලබන වසරේ සිට පාස්පෝට් ගන්න පුලුවන් පහසුම ක්‍රමයක්..
Sri Lanka
Passport
By krishani
මාස 2 කට පෙර
ලබන වසරේ ජනවාරි මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම්පත් භාර ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාල වැඩසටහන හරහා, අයදුම්කරුවෙකුට තම නිවසේ සිටම තම අයදුම්පත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිය.
කෙසේවෙතත් අයදුම්කරුට ඇඟිලි සලකුණු වැනි ජෛවමිතික විධිවිධාන සඳහා පමණක් දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු අතර ඒ සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීමට සෑම දිස්ත්‍රික්කයකම ඉදිරිපස කාර්යාල කවුන්ටර 50ක් ස්ථාපිත කිරීමටත් එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50 බැගින් තෝරා ගෙන තිබෙන බවත් වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |