පුහුණු සහතිකයක් නැත්නම් මගී ප්‍රවාහනය තහනම්
බරවාහන බලපත්‍රයක් තිබුණත් පුහුණු පාසකින් සහතිකයක් ලබාගෙන නොතිබුණහොත් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස්රථ ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම තහනම් කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසයි. බර වාහන බලපත්‍රයක් ලබා තිබුණද ලංගම මගින් හෝ ආරක්ෂක අංශවල පුහුණු පාසලකින් පුහුණුව නොලද අයකුට මින් ඉදීරියට මගී ප්‍රවාහන බස්රථ ධාවනය කිරීමට ඉඩ නොදෙනු ඇත. මන්ද අද බොහෝ අනතුරු සිදු වී ඇත්තේ මෑත කාලයේ රියදුරු බලපත්‍ර ලබාගත් රියදුරන්ගෙනි.පසු ගිය කාලයේ රිය අනතුරු නිසා මියයන ප්‍රමාණය සීඝ්‍රලෙස වැඩිවුණා.කොව්ඩ් තත්ත්වය නිසා පොදු ප්‍රවාහනය අඩු වෙන් භාවිතා කිරිම එක හේතුවක්කියා හොයාගෙන තිබෙනවා.
මේකේ ප්‍රධාන කොටස් කරුවා පෞද්ගලික බස්රථ,වැලි ප්‍රවාහනය කරන ට්‍රිපර් රථ , ත්‍රීරෝද රථ හා මෝටර් සයිකල් ආශ්‍රිතව තමයි වැඩිම මරණ ගණනක් සිදු වි තිබෙන්නේ . ඒ නිසා ප්‍රහාවන ඇමති ගාමිණී ලොකුගේ මහාතා සමග සාකච්ජා කොට ඉදිරියේදී තදබල තීන්දු වක් ගෙන තිබෙනවා බරවාහන රියදුරු බලපත්‍රයක් රියදුරු පාසලකින් පුහුණුව නොලබා ගත් අයට මගීන් ප්‍රවාහනය කරන ඉඩ දෙන්නේනැහැ කියා .එය ඉතා අනතුරු සහගතයි. අපි බලනවා අනතරු බොහොමයක් සිදු වී ඇත්තේ මෑත කාලයේ රියදුරු බලපත්‍ර ලබග ත් අයගෙනුයි.
ලංගමට රියදුරන් ගත්විට සම්මුඛ පරිීක්ෂණයේදී ආපසු වාහන එලවන්න දී ට්‍රයල් එකක් බලනවා.එහිදී සමත් වුනත් තව සති දෙකක පුහුණුවක් ලබා දෙනවා බස්රථ ධාවනය පිළිබදව. මේ ක්‍රමවේදය අනුගමනය කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. බරවාහන රියදුරු බලපත්‍රය තිබුණත් ලංගමයෙන් හෝ ආරක්ෂක අංශවල පුහුණු පාසල් වලට යොමු කර පුහුණුවක් ලබාගෙන ඒ ලබාදෙන සහතිකය මත මගීන් ප්‍රවාහනය සදහා අවසර පත්‍රයක් ලබාදෙන්න බලාපොරොත්තුවෙනවා. එහෙම බලපත්‍රයක් නැති අයට මගීන් ප්‍රවාහනය කරන එක තහනම් කරන්න කටයූතු කරනවා. ජනතාවගේ ආරක්ෂාව පිණිස ඒ තීන්දුව ගන්න සිදු වෙන බවද දුලුම් ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.