පස්සර අනතුරින් පසු වත්මන් රියදුරු බලපත්‍රයට මගී ප්‍රවාහනය තහනම්
Police
By Thaya
දිගින් දිගටම සිදුවන බස් රථ අනතුරු සැලකිල්ලට ගනිමින් මගී ප්‍රවාහන බස් රථ සඳහා නව රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ බර වාහන රියදුරු බලපත්‍රය ලබාගැනීමෙන් පමණක් මින් ඉදිරියට මගී ප්‍රවාහන බස් රථ ධාවනය කළ නොහැකි බවයි. ඒ සඳහා මගී ප්‍රවාහන රියදුරු බලපත්‍රයක් අලූතින් හදුන්වාදෙන බවත් සියලුම මගී ප්‍රවාහන බස් රථ රියදුරන්ට සති දෙකක පුහුණුවක් දෙන බවත් ඔහු කියා සිටියා.