බස් රථයකින් විසිවී ගොස් මගියෙකු මිය යයි

Death
By Thaya Mar 25, 2021 07:33 PM GMT
Report

පානදුර සිට කළුතර බලා ධාවනය වූ බස් රථයක රිය සහායකයෙකු පානදුර උතුර පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, බස්රථයේ ඇතුළත සිටි පුද්ගලයෙකු එහි පිටුපස දොරටුවෙන් පිටතට විසිවී මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන්.එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක්.අදාළ සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි පොලීසිය පැවසුවේ.සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.