පසන් වනිගසේකර අයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

Pasan Wanigasekara
By Thaya Jan 08, 2021 07:41 PM GMT
Thaya

Thaya

Report

ගෝලීය ආයෝජන සංචිතය සදහා තරග වදින අනෙකුත් සියළුම රටවල් සමග ජාත්‍යන්තරව තරග කිරීමට හැකියාව ඇති කාර්යක්ෂම ඵලදායි හා ශක්තිමත් ආයතනයක් වනු දැක්ම තමාගේ දැක්ම හා අපේක්ෂාව බව ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ නිළධාරීන් අමතමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හි නව අධ්‍යක්ෂක ජෙනරාල් පසන් වනිගසේකර මහතා පැවසීය.

පසන් වනිගසේකර මහතා එසේ පැවසුවේ රී ලංකා ආයෝජන මණ්ඩලයේ හි නව අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස අද (07) දිනයේ රාජකාරී ආරම්භ කල අවස්ථාවේදීය ..

පර්යේෂණ පාදක කරගත්, ඉලක්කගත අලෙවිකරණයෙහි වැදගත්කම ඉස්මතුකරමින්, පාරිභෝගික කේන්ද්‍රීය සහ ක්‍රීයාශීලී සේවයන්ගෙන් සමන්විත ඒකකයක් බිහිකිරීමේ ක්‍රියාන්විතයට කාර්ය මණ්ඩලයෙහි සියලු දෙනාගේ නොමද සහයෝගය අත්‍යවශ්‍ය බවද ඔහු මෙහිදී ප්‍රකාශ කලේය.

වර්තමාන සභාපති සංජය මොහොට්ටාල මහතාගේ මුලපිරීමෙන් දියත් කෙරුණු "බහු විධ කවුළුව" සංකල්පය ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පරිවර්තන පියවර කඩිනම් කිරිමට ඔහු විසින් ප්‍රතිඥා දෙන ලදී.

ආයෝජන මණ්ඩලයට සම්බන්ධ වීමට ප්‍රථම, ප්‍රධාන පෙලේ ගෝලීය ආයතන කිපයක සහ ආසියා කේන්ද්‍රීය පුද්ගලික ආයෝජන ආයතන කීපයකට ආයෝජන විෂ්ලේශණ හා මෙහෙයුම් ප්‍රශක්තිකරණය සම්බන්ධයෙන් උපදේශණ සේවා ලබාදීමේ නිරතව ඇති අතර, නීතිඥයෙකු ලෙසද කටයුතු කර ඇත.

ඊට ප්‍රථමව ගෝලීය ප්‍රධානපෙලේ ආයතන 500 න් එකක් වන මූඩිස් (MOODY'S) සමාගමට අනුබද්ධව ද අධ්‍යක්ෂවරයෙකු ලෙස ද සේවය කර ඇත.

මොරටු විශ්වවිද්‍යාලයේ උපාධිධාරී ඉංජිනේරුවරයෙකුද වන ඔහු, වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු, වරලත් මූල්‍ය ගණකාධිකාරීයෙකු මෙන්ම වරලත් අලෙවිකරුවෙක් ද වේ.

Gallery