කැකිරාවේ ගෙදර පැවැති සාදය මරණ මංචකයක් වෙයි- අසල්වැසියාගේ තියුණු ආයුධ පහරින් 56 හැවිරිදි අයෙකු ජීවිතක්ෂයට
කැකිරාව පොලිස් වසමේ කොට්ටල්බද්ද ප්‍රදේශයේ දී සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අද (23) අලුයම මෙම පහරදීම සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 56ක් වූ කොට්ටල්බද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරුගේ නිවසේ පැවැති සාදයක් අතරතුරදී අසල්වැසි නිවසේ පුද්ගලයෙකු සමග ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් ඇත.
එහිදී අසල්වැසි නිවසේ සිටි පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී ඇති අතර එම පහරදීමෙන් මෙම ඝාතනය සිදුව තිබේ මේ වන විට පහරදීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය සදහන් කර ඇත.