ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කම්පන සහගත වාර්තාවක් - 2026 දී රටට වුණු දරුණු පාඩුවක්
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙරට සංචාරක කර්මාන්තයෙන් උපයා ගන්නා ලද ආදායම පසුගිය වසරේ මුල් මාස 7ට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කර ඇති බවයි.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා වූ ගතවූ මාස 7ට සංචාරක ආදායම ලෙස වාර්තා වී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 1,796.7ක් බව මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.
මහ බැංකුව පවසන්නේ පසුගිය වසරේ එම කාලය තුළ සංචාරක ආදායමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,031.1ක් උපයා ගෙන තිබු අතර එම කාලයට සාපේක්ෂව මෙම වසරේ අදාළ කාලය තුළ සංචාරක ආදායමෙන් ලැබූ ආදායම 11.5%කින් පහළ යාමක් පෙන්නුම් කර ඇති බවයි.
වැඩිදුරටත් වාර්තා ගත තොරතුරු වලින් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ජූනි මාසයේදී සංචාරක ආදායමමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 318.5ක් උපයාගෙන තිබූ බවත් මෙම වසරේ පසුගිය ජූනි මාසයේදී සංචාරක ආදායමෙන් උපයාගෙන ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 285.5ක් බවත්ය.
එමෙන්ම 2026 වසරේ ගතවූ මාස 7ක කාලය තුළ විදෙස් ප්‍රේශණ තුළින් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 8,382.4ක් උපයා ගැනීමටද සමත්ව ඇත. එය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී වර්ධනයක් දක්නට ලැබෙන අතර පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 4,435.2කි.
එමෙන්ම පසුගිය වසරේ ජූලි මාසයේදී විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 697.3ක් වාර්තා කර ඇති නමුත් මෙම වසරේ ජූලි මාසයේදී විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 777.6ක් වාර්තා කර තිබේ.