පාර්ලිමේන්තු සිද්ධිය සම්බන්ධයෙන් CCTV දර්ශන විමර්ශනය කෙරේ
පාර්ලිමේන්තු සභා ගර්භය තුළ හා ඉන් පිටතදී ඇති වූ සිද්ධින් පිළිබඳ විමර්ශනය කරන කමිටුව එම සිදුවීම්වල සී.සී.ටීවී දර්ශන නිරීක්ෂණය කර තිබේ.
නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව ඊයේ (28) දිනයේදී එම සී.සී.ටීවී දර්ශන නිරීක්ෂණය කළ බව සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව එළඹෙන සතියේදී එම සිද්ධින්වලට අදාළව අතුරු වාර්තාවක් කථානායකවරයාට ලබාදීමට තීරණය කර තිබේ. ඉන් පසු එළඹෙන අඟහරුවාදා දිනයේ කමිටුව යළි රැස්වීමට නියමිත අතර එහිදී මෙවැනි සිද්ධින් යළි ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කර පූර්ණ වාර්තාවක් කථානායවරයා වෙත ලබාදීමට නියමිතය.
පසුගිය 21 වනදා ඇති වූ අදාළ සිද්ධීන් පිළිබඳව විමර්ශනයක් පවත්වා නිර්දේශ ඉදිරිපත් කිරීමට නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම මන්ත්‍රී කමිටුව කථානායකවරයා විසින් පත්කරනු ලැබීය.
මේ අතර, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හෙට (30) දිනයේ රැස්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනු ඇත.
එළඹෙන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එම රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi