පාර්ලිමේන්තුවත් අටළුගම වගේ වෙයි… මැතිඇමතිලා PCR මගහැර පැන යති

Parliament
By Thaya Jan 19, 2021 04:56 PM GMT
Report

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් සදහා කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට දින නියම කර තිබුණ ද ඊට සහභාගී වී තිබුනේ ඉතා සුළු පිරිසක් බව වාර්තා වේ.

පසුගියදා එසේ සූදානම් කර තිබූ අවස්ථාවට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණ සිටියේ 40 කට අඩු පිරිසකි.

ඔවුන්ට කොරෝනා පරීක්‍ෂණ සඳහා පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද ඉන් වැඩි පිරිසක් පැමිණ නැතැයිද වාර්තා වෙයි.

මේ හේතුවෙන් සියලු මැති ඇමැතිවරුන් කොරෝනා පරීක්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලධාරීන් මෙන්ම සෞඛ්‍ය අංශද ගැටළුකාරී තත්ත්වයකට පත්ව සිටී.

සෞඛ්‍ය අංශයේ ඉහළ ප්‍රකාශකයෙකු කියා සිටියේ පාර්ලිමේන්තුවේ මැති ඇමති රුවන්ට කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමසද අටලුගම ප්‍රදේශයේ පරීක්‍ෂණ කිරීම හා සම වෙමින් ඇති බවයි.