පාර්ලිමේන්තු කතානායක පක්ෂග්‍රාහී තීන්දුද ගන්නේ?

lakshman kiriella mahinda yapa parliament srilanka
By Wasantha Apr 22, 2021 04:55 AM GMT
Report

 පාර්ලිමේන්තුවේ කතානායකවරයා පක්ෂග්‍රාහී තීන්දු දෙන බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී කතානායකවරයාට ඍජුවම චෝදනා කර සිටියා. මෙයට පෙර ද මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ලිඛිතව කතානායකවරයාට සියලුම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ලිපියක් ලබාදී ඇති අතර ඉන් පසුද කතානායකවරයා ආණ්ඩුපක්ෂයට පක්ෂව තීන්දු ලබාදෙන බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දුන්නා. කතානායකවරයා යනු අපක්ෂපාති සාමාජිකයෙකු වන අතර වත්මන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා දිගින් දිගටම ආණ්ඩු පක්ෂයට පක්ෂපැතිව කටයුතු කරන බවයි චෝදනා එල්ල වන්නේ. අද දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ දී මෙසේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පළකළා.