දියවන්නාවේ පාවෙන සුර්ය විදුලි බලාගාරයක් ඉදිවෙන්නෙ මෙහෙමයි..

Parliament Solar panels Diyawanna Dalas alahapperuma
By Aruna Jul 21, 2021 07:44 AM GMT
Report

දියවන්නාව කේන්ද්‍ර කර ගනිමින් පළමු පාවෙන සුර්ය විදුලි බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ දෛනික විදුලි අවශ්‍යතාවය සපුරාගත හැකි වන පරිදි ඉදිකිරීමට යෝජිත මෙම පාවෙන සූර්ය විදුලි බලාගාරය, මෙගාවොට් 1.5 ක ධාරිතාවෙයකින් යුක්තවන අතර මේ වනවිට මෙහි මූලික ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කෙරෙමින් පවතී.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා ණය ආධාර සපයනු ලබන්නේ ඉන්දීය රජයයි. දියවන්නාවේ පාවෙන සූර්ය විදුලි බලාගාරය ඉදිකිරීම ඉතාමත් කඩිනමින් සිදුකර, පාවෙන සූර්ය විදුලිබලාගාර සංකල්පය පිළිබදව පාර්ලිමේන්තුවෙන් සමස්ත රටටම පූර්වාදර්ශයක් ලබාදෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අවධාරණය කර සිටින්නේ.

වසර 2030 වනවිට විදුලිබල අංශයට පුනර්ජනනීය බලශක්ති දායකත්වය 70% දක්වා වර්ධනය කිරීමේ අරමුණූ ශාක්සාත් කරගනිමින්, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම මිල අවම ස්ථාවර විදුලිබල සේවාවක් ලබාදීම උදෙසා මේ වනවිට සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් පුනර්ජනනීය විදුලිබල ව්‍යාපෘති රාශියක් දියත් කිරීමට විදුලිබල අමාත්‍යාංශය ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

සූර්ය විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය (Floating Solar System) ආරම්භ කිරීම කඩිනම් කළයුතු බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now