අගමැති පාර්ලිමේන්තුවේ සිදු කළ විශේෂ ප්‍රකාශය මෙන්න.(VIDEO)

Army Parliament Shavendra silva Mahinda Rajapakshe
By Aruna May 18, 2021 07:17 AM GMT
Report

එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පරාජය කරමින් රණවිරුවන් අත්කර ගත් යුද විජයග්‍රහණයට අදට 12 වසරක් සපිරෙනවා.

2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල් ටී ටී ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එල් ටී ටී ඊ නායකයින් මියයාමත් සමග වසර 30 ක් පුරා රටම වෙළාගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදය මෙරටින් සහමුලින්ම අතුගා දැමීමට ත්‍රිවිධ හමුදා රණවිරුවන් සමත් වුණා.

ඒ, යුද්ධයේ අවසන් දින කිහිපයේදී සිවිල් ජනතාව ද ආරක්ෂා වන ලෙස ලොවක් මවිත කළ මානුෂීය මෙහෙයුමක් දියත් කරමින්. පොලීසිය සහ සිවිල් ආරක්ෂක භටයින් ද එවක රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් නොනිමි මෙහෙවරක් ඉටු කළා.

මානුෂීය මෙහෙයුමේ මතකය ලක්වැසියන්ගේ සිත් තුලින් නොමැකී තිබෙන්නේ රණවිරුවන් ඇතුළු ආරක්ෂක අංශ දිවිකැප කර උදාකර දුන් ස්ථිර නිදහස නිසාවෙන්.

මේ, එම රණවිරු විජයග්‍රහණයේ මතකය යළි අවදි කළ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වූ සමයේ 58 වැනි සේනාංකයේ සේනාධිපති ලෙස කටයුතු කළ වත්මන් යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.

මේ අතර අද දින පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් රණවිරු විජයග්‍රහණය වෙනුවන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එම ප්‍රකාශය පහතින් නරඹන්න.


එම සාකච්ඡාවේ දී තවත් කාලීන මාතෘකා පිළිබඳව විවාදයට ලක් වුණා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


Gallery