ජයන්ත කැටගොඩ යයි... නිලවශයෙන් දන්වයි
ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන ඇති අතර එය අද පාර්ලිමේන්තුවේ දී නිල වශයෙන් සභාවට දැනුම් දුන්නා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක වෙත භාරදෙනු ලැබුවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහායි.
ඒ අනුව ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කිරීමට අදාළව සාකච්ඡාව කිරීම සඳහා අද මැතිවරණ කොමිසම රැස්වනවා.
උදෑසන 9ට මැතිවරණ කොමිසම රැස්වන අතර එම සාකච්ඡාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස බැසිල් රාජපක්ෂගේ නම ගැසට් කිරීමට නියමිතයි. ඊට අදාළ ලිපි ලේඛන ඊයේ මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා වෙත භාර දෙනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් විසින්.
ඒ අනුව හෙට, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇති බවයි වාර්තාවන්නේ.
අද දවසේ පාර්ලිමේන්තු සජීවී විකාශය මෙම විඩියෝවෙන් බලන්න