අද දින පාර්ලිමේන්තු උණුසුම(VIDEO)

sajith premadasa gotabaya rajapaksha namal rajapaksha rishard badurdeen marikkaar
By Sewvandhi May 05, 2021 08:45 AM GMT
Report

අද දිනයේ පාර්ලිමේන්තුව රැස් වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුවට සහභාගි විය.එහිදී රිෂාඩ් බදුර්දීන් මහතා සහ රටේ පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳ ව්වාද කළ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ අදහස් පල කලේය.

රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තුවට කැඳවන්නයි එතුමා කථානායකතුමාගේ ඉල්ලීමක් කළ අතර ඒ සඳහා බදුර්දීන් මහතා ට අයිතියක් ඇති බව සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක් වූ එතුමා කෆීර් යානා වැඩි දියුණු කිරීමටත් ශරීර සුවතා මධ්‍යස්ථාන රට පුරා ව්‍යාප්ත කිරීමටත් වෙන් කර ඇති මුදල් දැනට රටේ පවතින කොවිඩ් වසංගතය වෙනුවෙන් යොදා ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියේ ය.

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මැතිතුමා පවසා සිටියේ රාජ්‍ය භාණ්ඩාගාරය මගින් කොවිඩ් ව්‍යසනය සඳහා සියලු මුදල් ලබා දී ඇති බවත් කෆීර් වැඩි දියුණු කිරීම සඳහා දැනට මුදල් යොදවා නොමැති බවයි.

අද දින අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ම අදහස් දැක් වූ අතර එම අදහස් පහත වීඩියෝවෙන් නැරඹිය හැක.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now