අද පාර්ලිමේන්තුවේ විශේෂ සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Politician Sri Lanka Sri Lanka Budget 2022
By Aruna Aug 30, 2022 01:44 AM GMT
Aruna

Aruna

Report

UPDATE 

මේ වන විට මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කරමින් පවතිනවා.

සජීවී විකාශනය පහතින් බලන්න.


.......................................

මෙවර අයවැයෙන් මුදල් වෙන්කරන අංශ ගැන හෙළිදරව්වක්..

P2022 වර්ෂයේ අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අද (30) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය සමග උද්ගත වූ කරුණු සැලකිල්ලට ගෙන අයවැය සංශෝධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව ආණ්ඩුව තීරණය කළ අතර විසර්ජන පනත් සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කෙරුණේ ඒ අනුවයි.

සංශෝධනයට අනුව ආණ්ඩුවේ අමාත්‍යාංශ සේවා වියදම රුපියල් බිලියන 3275.8 දක්වා ඉහළ දමා ඇති අතර එය මේ වසර සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා රුපියල් බිලියන 929.4ක වැඩිවීමක්.

එමෙන් ම රජයේ ණය සීමාව රුපියල් බිලියන 3200 සිට රුපියල් බිලියන 4082 දක්වා ඉහළ නංවා තිබෙනවා.

ඇස්තමේන්තුගත ණය සේවාකරණ නව වියදම රුපියල් බිලියන 2901ක් අයවැය සංශෝධනය යටතේ ජනාධිපති කොමිෂන් සභා කාර්යාල වැනි විශේෂ වියදම් ඒකක සහ අමාත්‍යාංශ සඳහා වෙන කරන ලද මුදල්ද සංශෝධනය කර තිබෙනවා.

සංශෝධන පනත් කෙටුම්පතින් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 735ක්.

මීට අමතරව, මුදල් හා ආර්ථික ස්ථායිකරණ අමාත්‍යාංශයට රුපියල් බිලියන 467ක් ද ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 376ක් ද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 307ක් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට රුපියල් බිලියන 270ක් වෙන් කර තිබෙනවා.

මීට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්කෙරුණු මුදල රුපියල් බිලියන 248ක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 200ක් වෙන්කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now