පාර්ලිමේන්තුව කොරෝනා අවදානමේ.. කතානායක ඇතුළු පිරිසක් නිරෝධායනයට

Covid-19 Parliament
By Thaya Jan 02, 2021 06:39 PM GMT
Thaya

Thaya

Report

පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලය වසා දැමීමට කටයුතු කර තිබේ.

ඊට හේතුවී ඇත්තේ කථානායකවරයාගේ පෙරගමන් රථයේ පොලිස් රියදුරාට සහ සහ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමයි.

එම ආසාදිතයන් සංචරණය කළ පාර්ලිමේන්තුවේ තවත් අංශ කිහිපයක්ම වසා දැමීම හෝ නොදැමීම අද දිනයේ ලැබෙන PCR පරීක්ෂණ ප්‍රතිඵල මත තීරණය වීමට නියමිතය.

කතානායක වරයාද මේ වනවිට ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනය ලක්ව සිටියි.

ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධයට ලක් කර තිබේ.

එළැඹෙන 05 වැනිදා ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු වාරයේදී කතානායකවරයා සහභාගී නොවනු ඇති බවත් වාර්තා වෙයි