පාර්ලිමේන්තුව ඇතුලෙ කුමන්ත්‍රණයක් ගැන ඉඟියක්.

Politics Sri Lanka Parliament Mahindananda aluthmage Maithipala sirisena
By Aruna Nov 26, 2021 06:29 AM GMT
Report

පාර්ලිමේන්තුවේ දී කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇතැයි වාර්තා වෙයි. පොහොර ප්‍රශ්නය මුල්කරගනිමින් රට තුළ ඇති වී තිබෙන ගොවි විරෝධය හේතුවෙන් මෙම සැලසුම ක්‍රියාත්මක වෙමින් තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශ වැය ශීර්ෂය සදහා ඡන්ද විමසීමක් ඉල්ලා සිටීමට විපක්‍ෂ බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට ඇත.

එම වැය ශීර්ෂය සදහා ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ඡන්දය ලබා නොදීමේ තත්වයකට පත් කිරීමේ සාකච්ඡා පවත්වමින් සිටින බව විපක්ෂ ආරංචි මාර්ග කියා සිටියි.

එම වැය ශීර්ෂය පරාජයට පත් නොවුවහොත් 2/3 බලය අහිමි වනු ඇති බවද එම ආරංචි මාර්ග තව දුරටත් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now