මිය ගිය ඩියෝගෝ වෙනුවෙන් සංවේදී වූ රොනාල්ඩෝ

Report

අද අළුයම කාලයේ අවාසනාවන්ත සිදුවීම වාර්තා වුණා.

ලිවර්පූල් පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩක 28 හැවිරිදි ඩියෝගෝ ජෝටා ද සිල්වා මෝටර් රථ අනතුරකින් මියගියා.

මෙම අනතුර සිදුව තිබුණේ අද අළුයම ස්පාඤ්ඤයේ සැමෝරා පළාතේ දී.

අනතුරින් ඔහුගේ සහෝදරයා වන පෘතුගාල ඉදිරිපෙළ ක්‍රීඩක 26 හැවිරිදි ඇන්ඩ්‍රේ ද සිල්වා ද මියගොස් තිබු අතර ඔවුන්ගේ ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථය තවත් වාහනයක් පසුකර යාමේදී ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට විසිවී පසුව ගිනිගෙන ඇති බව සඳහන්.

මංගල වීඩියෝව මුදාහැර ටිකකින් ජිවිතක්ෂයට පත් ක්‍රීඩා තරුව

මංගල වීඩියෝව මුදාහැර ටිකකින් ජිවිතක්ෂයට පත් ක්‍රීඩා තරුව

ඩියෝගෝ ගිවිසගෙන සිටි රූට් කාර්ඩෝසෝ සමග පසුගිය ජුනි 22 වනදා විවාහ වී තිබුණා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඔවුන්ගේ විවාහ උත්සවයේ නිල වීඩියෝ පටය, මෙම අනතුරට පැය කිහිපයකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහැර ඇති බවයි.

දෙයියනේ ඒ දෙන්නගේ ලස්සන, නොකියම බැඳලා..ද?

දෙයියනේ ඒ දෙන්නගේ ලස්සන, නොකියම බැඳලා..ද?

මේ අතර ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා වෙනුවෙන් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සංවේදී සටහනක් තබා තිබුණා.

ඒ, ඩියෝගෝ ජෝටාගේ පවුල වෙත සිය ශෝකය පළකරමින්. 

මිය ගිය ඩියෝගෝ වෙනුවෙන් සංවේදී වූ රොනාල්ඩෝ | Ronaldo Pays Tribute To Diogo Who Died