හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන පැතිරෙන ආරංචියේ ඇත්ත නැත්ත මෙන්න..

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Sri Lanka Parliament Basil Rajapaksa Sri Lanka Politician
By Aruna Apr 28, 2024 06:59 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා.

මේ අනුව, හෙට (29) දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇති බවටයි සමාජ මාධ්‍ය සහ තැන් තැන් වල කතාබහට ලක් වෙමින් පවතින්නේ කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලට පාදක වී ඇති කරුණු සම්පූර්ණයෙන් ම අසත්‍ය බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මෙරට ඉන්දිය මහකොමසාරිස්වරයා අතර හදිසි හමුවක් පැවැති පසුබිමක මෙවැනි වාර්තා පළ වීමත් එක්අතකින් විශේෂත්වයක්.

අදාළ සාකච්ඡාවේ දී මෙරට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවීම් කිහිපයක් පැවැත්වුණා.

එහි දී ද ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ද සඳහන්වේ.

මේ අතර ලබන ජූලි මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝදුරට ඉඩ ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වුණා.

කෙසේ වෙතත් ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු වනවා.

ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු වූවහොත් මහමැතිවරණයක් පැවැත්වීම අනිවාර්යයෙන් සිදු වීමය යුතුයි.