සිසුවෙකුට දඩුවම් කලැයි දෙමවුපියන් විදුහල්පතිට ගහයි.. රෝහලේ…

Education
By Thaya Mar 01, 2021 06:07 PM GMT
Thaya

Thaya

Report

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ටින්සින් දමිල මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට (27) දින රාත්‍රි කිසියම් පිරිසක් පහර දි තුවාල සිදු කිරිම නිසා විදුහල්පතිවරයා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරු වැඩි දුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත. බගවන්තලාව මොරා වතු යායේදි (27) දින රාත්‍රි 8.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල වි ඇත. පහර දිමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින පි.ප්‍රභාකරන් මහතා කියා සිටියේ (01) දින පැවැත්වෙන අපොස සමාන්‍ය පෙල විභාගය සදහා තම පාසලින් විභාගයට පෙනි සිටින සිසු සිසුවියන්ට සුභ පැතිම සදහා මොරා වතු යායට යන අවස්තාවේ තම පාසලේ අධ්‍යාපන ලබන සිසුන් පිරිසක් ඔහුගේ දෙමව්පියන් එක්ව යකඩ පොලු වලින් සහ මුගුරුවලින් තමන්ට පහර දි තුවාල සිදු කල බවයි.

තම පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට විනය කඩ කිරිමක් හේතුවෙන් පාසල තුලද දඩුවම් කිරිමට එරෙහිව එම සිසුන් පිරිස සහ එම සිසුන් පිරිසගේ දෙමව්පියන් විසින් තමන්ට පහර දුන් බවයි විදුහල්පතිවරයා බගවන්තලාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ. පාසල තුලදි විනය කඩ කිරිමක් හේතුවෙන් විදුහල්පතිවරයා විසින් පහර දුන්නේ යැයි කියන සිසුවාගේ මව විසින්ද විදුහල්පතිවරයා විසින් තමන්ට (27) දින රාත්‍රියේ පහර දුන් බව පවසමින් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත. දෙපාර්ශවයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කර ඇති බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

ReeCha