දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය අරඹයි...

Parcel Transport
By Thaya Jan 06, 2021 04:40 PM GMT
Thaya

Thaya

Report

දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය හෙට (07) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

නමුත් එසේ පාර්සල් බාර ගනු ලබන්නේ හදිසි හා සීඝ්‍රගාමී පාර්සල් පමණක් බවද දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

දුම්රිය දැනට ධාවනය වන ප්‍රදේශවලට යැවීමට පමණක් පාර්සල් බාර ගන්නා අතර නරක්වන සුළු එළවළු ,පළතුරු ,වැනි ද්‍රව්‍ය අඩංගු පාර්සල් දුම්රිය ස්ථාන වලින් බාර නොගන්නා බවද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය..

Gallery