ජාතික ධජය සහිත පාපිස්නා දැන්වීම අන්තර්ජාලයෙන් ඉවතට

Sri Lanka
By Thaya Mar 14, 2021 06:13 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම් ලෝකප්‍රකට ඇමසන් වෙබ් අඩවියෙන් ඉවත් කර ඇතැයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

එහි දැක්වෙන්නේ චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට තොරතුරු ලැබී ඇති බවයි.

ඒ අනුව මෙම තොරතුර ලද වහාම ශ්‍රී ලංකා ධජය අනිසි ලෙස භාවිතා කර ඇති පාපිසි සහ එවැනි දෑ නිෂ්පාදනය නතර කිරීමට පියවර ගන්නා ලෙසයි තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ.

ඇමසොන් වෙබ් අඩවිය තුළ මෙම නිෂ්පාදන අලෙවි කළ සමාගමෙන් ද ශ්‍රී ලංකාවේ ධජය භාවිත කරමින් මෙම පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන ලෙස තානාපති කාර්යාලය විසින් ලිපියක් මගින් ඉල්ලීමක් කරුනු ලැබ තිබෙනවා.

ඒ අනුවයි මතභේදාත්මක අදාල දැන්වීම එම වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත්තේ.කෙසේවෙතත් මේ පිළිබඳ සමීපව අධීක්ෂණය කරමින් සිටින බවයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ.