PANK & RIDE CITY BUS සේවාව ජනපති ප්‍රධානත්වයෙන්... .

service city bus
By Thaya Jan 13, 2021 05:29 PM GMT
Report

කොළඔ නගර ආශ්‍රිතව අධික වාහන තදබදය අඩු කිරිීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් වශයෙන් මාකුඔුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ආරම්භ කරන PANK & RIDE CITY BUS සේවාව මේ මස 15 වැනි දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරේ.

වාහන නියාමන බස්රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ,ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරිමට සියළු කටයුතු යොදා තිබේ.

PANK & RIDE CITY BUS සේවාවේ අරමුණ වන්නේ කාර්,මෝටර් බයිසිකල් මගින් ගමන් ගන්නා මගීන් හට සුව පහසු ආරක්ෂිත ,සෞඛ්‍ය ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් ලබා දීමයි. කාර්යාල වේලාවන් තුළදී කොළඔ නගරය හා තදාසන්න නගර කරා ගමන් කරන කුඩා වාහන සංඛ්‍යාව අඩු කිරීම හා වාහන තදබදය නිසා සිදුවන පරිසර දුෂණය ,වැයවන කාලය හා මානසික පීඩනය අවම කිරිමයි. මේ තුළින් ප්‍රබෝධමත් මනසකින් තම රාජකාරී ස්ථානයට ගමන් කිරීම හා ආපසු නිවස කරා යාමට අවස්ථාව සලසා දීමයි.