පඬු කරඳ පැල රෝපණය කර පරිසරයට හඳුන්වා දීමට යයි.....
මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ හෙවත් Crudia Zeylanica ශාක විශේෂයේ පැල පරිබාහිර සංරක්ෂණ කටයුතු වලින් රෝපණය කර උද්භිද උද්‍යාන වල හා සුදුසු පරිසර වලට හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පවසයි. 2012 රතු දත්ත ලැයිස්තුවට අනුව වඳවී ගිය ශාකයක් ලෙස සැලකූ මෙම ශාකයේ පැල 20ක් පේරාදෙණිය රාජකීය උද්‍යානයෙත් තවත් පැල 06ක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙත් සංරක්ෂණය කර ඇතැයිද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
මෙම පඬු කරඳ “ Crudia Zeylanica ” ශාකය පිලිබඳ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා වෙත වාර්තාවක් යොමු කරමින් එම දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය පවසන්නේ ආන්දෝලනයට ලක්වූ අඳාල ශාකය හමුවූ දාරලුව ප්‍රදේශය ආශ්‍රිතව තවත් පඬු කරඳ විශාල ගසක් හා කුඩා ගසක් හඳුනාගත් බවයි.
ඊට අමතරව වෙනත්ස්ථාන 06ක් කින්ද මෙම ශාක හඳුනාගෙන තිබේ.අත්තනගලු ඔය ශාඛාවක් වන මැඩිල්ල ඇල, දොරණගොඩ දකුණ, මිනුවන්ගොඩ හෙන්ඩිමහර,කඩුවෙල හා කදිරාන එම ප්රදේශයි.දාරලුව අධිවේගී මාර්ගය ආශ්‍රිතව හඳුනාගත් ශාකයෙන් හා තවත් විවිධ ශාක කීපයකිනුත් රැස් කරන ලද බීජ රෝපණය කර ඇති බවත් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැල 20ක් හා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැල 06ක් සංරක්ෂණය කර ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.මෙම ශාක වල ශාකාගාර නිදර්ශකද DNA Extraction ද රැස්කර ජාතික ශාකාගාරයේ තැන්පත් කර ඇතැයිද සඳහන් වේ.
2012 විපක්ෂයේ ප්‍රකාශයට පත් කල ජාතික රතු දත්ත ලැයිස්තුවේ මෙම ශාකය වඳවී ගිය ශාකයක් ලෙස සලකා ඇත්තේ 1860 දශකයෙන් පසු ස්වාභාවික පරිසරයෙන් මෙම ශාකය වාර්තා වී නොමැති නිසාය.කෙසේ වෙතත් 2019 වසරේදී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරනු ලබන ප්‍රදේශ ආශ්‍රිතව නැවත මෙම ශාකය සොයා ගැනුණි බවද එම වාර්තාවේ සඳහන්