පානදුර වෙඩි තැබීමක්...අයෙක් මරුට...වහාම STF කැඳවයි.

Police Panadura
By Thaya Jan 25, 2021 07:18 PM GMT
Report

පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන අතර, වෙඩිතැබීම සිදුවු ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදවා තිබේ.