මැදපෙරදිග නැවතත් ගිනියම් වේ(VIDEO) (PHOTOS)

war israel palatine iron dome rocket attack gaza
By Sewvandhi May 15, 2021 05:08 AM GMT
Report

මැද පෙරදිග නැවතත් ගිනියම් වී ඇත. එම කලාපයේ යුද ගිනිදැල් නැවතත් මතුවෙමින් පවතී. ඊට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති සදාකාලික වෛරය යි. මේ දිනවල එම දෙපාර්ශවය අතර නැවතත් සටන් ඇවිලී තිබේ.

පලස්තීන සටන්කරුවන් විශේෂයෙන් ම හමාස් සටන්කරුවන් විසින් ඊශ්‍රායලය දෙසට සෑමවිටකම රොකට් ප්‍රහාර එල්ල වේ. නමුත් ඊශ්‍රායලය එම ප්‍රහාර වළකා ගැනීමට සමත්වී තිබේ. ඊට උපකාරී වී ඇත්තේ "අයන් ඩෝම්" ගුවන් ආරක්ෂක පද්ධතියයි.

එය ඕනෑම කාලගුණ තත්ත්වයකට මුහුණදෙයි. රටට එල්ලවන ප්‍රහාර වළකාගැනීමට එම පද්ධතිය මෙතෙක් සමත් වේ තිබේ. මේ දිනවල රාත්‍රියට ඊශ්‍රායලයේ අහස වර්නවත්වී ඇත්තේ "අයන් ඩෝම්" ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් එරටට පලස්තීනුවන් එල්ලකරනු ලබන රොකට් ප්‍රහාර උඩු ගුවනේදීම විනාශ කිරීමට එම පද්ධතිය සමත්ව ඇති බැවිණි.


එසේම ඊයේ රාත්‍රියේ ඊශ්‍රායලය දෙසට පැමිණෙමින් තිබු නියමුවන් රහිත කුඩා ගුවන්යානයක් විනාශ කිරීමටද එම පද්ධතිය ට හැකිවිණි. එම ආරක්ෂණ පද්ධතිය 2011 වසරේ සිට ඊශ්‍රායලය ගුවන් හමුදාව විසින් ප්‍රයෝජනයට ගනු ලැබීය.

මෙම පද්ධතියේ රේඩාර් කොටස දියුණු කර ඇත්තේ එල්ටා නම් සමාගමයි. ඊශ්‍රායලය මෙවැනි පද්ධතියක් නිර්මාණය කිරීමට පියවර ගනු ලැබුවේ 2006 වසරේදී පලස්තීනු සටන්කාමීන් විසින් රොකට් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එරට තුලට එල්ලකර තිබු බැවිනි.

එම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් 44ක් මියගිය අතර ඊශ්‍රායලයේ උතුරු කලාපයෙන් 250,000ක පමණ ජනතාවක් ඉවත්කර ගැනුණි.  

පසුගිය සඳුදා සිට මේ දක්වා (14) ගාසා තීරයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 119 දෙනෙක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඉන් 31 දෙනෙක් ළමුන් බව වාර්තා වේ. එසේම 850කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.


පලස්තීන සටන්කරුවන් එල්ල කළ රොකට් ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල් වැසියන් 6 දෙනෙක් සහ ඉන්දීය වැසියෙක් ද මියගොස් තිබුණි.

ගැටුම් නවතා දමන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගෙන් ඉල්ලා ඇතත් ඔහු ඊට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ "ඊශ්‍රායෙල් රාජ්‍ය තුළ සන්සුන් බව" ඇතිවනතෙක් ප්‍රහාර එල්ලකරන බවය.

මිනිස්සුන්ට මර බිය ඇති කරමින් සිදු වන මෙම ප්‍රහාර මාලාව පිළිබඳ තවත් තොරතුරු පහතින්


එම ප්‍රහාර වල බිහිසුණු බව පෙන්වන ඡායාරූප පහතින්



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery