covid අවදානම හේතුවෙන් ළඟම රටක් lockdown කෙරේ

covid 19 Pakisthan
By Sithumi May 08, 2021 11:36 AM GMT
Sithumi

Sithumi

Report

අද සිට දින 08ක කාළයක් රට වසා තැබීමට පකිස්ථාන රජය තීරණය කර තිබෙනවා. එළඹෙන සතියේ පැවැත්වෙන රාමසාන් උත්සව සමයත් සමග කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම මෙහි අරමුණ බවයි පාකිස්ථාන රජය පවසන්නේ.

ඒ අනුව අද සිට ලබන 16 වනදා තෙක් රට වසා තැබෙන අතර අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. පාකිස්ථානයෙන් පසුගිය මාසයේදී පමණක් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන එක්ලක්ෂ හතලිස් දහසක් වන අතර මරණ සංඛ්‍යාව 3,000කට අධික බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now