පහන්තුඩාවේ යුවලට අවසානයේ අත්වු ඉරණම මෙන්න...

court order maharagama pahanthudava couple video mee mure
By Sewvandhi Sep 17, 2021 12:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

බලන්ගොඩ ප්‍රදේශයේ ඇති පහන් තුඩාව පසුබිම් කරගෙන අසභ්‍ය විඩියෝවක් රෑගත කර එය අන්තර්ජාලයට මුදා හැරියා යැයි කියන යුවල 16 දා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු එක් අයෙකුට රැපියල් 50,000 ක බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදා හරින ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරැවන් දිසානායක මහතා නියෝග කලා.

පසුගිය දිනවල මහත් අන්දෝලනයක් ඇති කරමින් අන්තර්ජාලයට මුදා හැර තිබුන බලන්ගොඩ පහන් තුඩාව දිය ඇල්ල අසල රැගත කරන ලද අසභ්‍ය විඩියෝ සමිබන්දයෙන් ලද පැමිණිලි මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම යුවල අත්අඩංගුවට ගනු ලැබිය.

මහරගම සහ ඇල්පිටිය ප්‍රදේශවල පදිංචි යුවලක් එලෙස ඇප මත මුදා හැරි අතර එම නඩුව ඔක්තෝබර් මස 01 වනදා යලි කැදවන ලෙද මහේස්ත්‍රාත් වරයා නියෝග කලේය. 

නිස්කලංක පරිසරයක පහස විඳ ගන්නට අප කා තුළත් ඇත්තේ අසමාන කැමැත්තකි. වෙහෙසකර ජීවිතයට මොහොතකට සමු දී විවේක පාඩුවේ තුරුවැල්, ඇළ, ‍දොළ මැද සිත නිවන පහස ඔබට මට මේ වකවානුවේ නම් සිහිනයක් ම පමණි. එහෙත් සොබාදහමෙන් අනූන පරිසරයක වතගොත නෙත ගැටුණු විට ඒ පිළිබඳව දැන ගැනීමට ඇති කුහුල මැකී යන්නක් නොවේ. හිත දැහැන් ගතකරවන නෙතට රසඳුනක් ම වන හරිත වන මැද ගල්තලාවක් සමීපයෙහි පිහිටි පහන්තුඩාව දිය ඇල්ල සොබාදහම් දියණියගෙන් අපට ලැබුණු අපූර්වතම දායාදයකි. රූස්ස ගස් සහිත වන මැද පිහිටි ස්වාභාවික දිය පොකුණක් සේ දිස්වෙන මෙම ජලකඳ දකින විට අප ගතට දැනෙන සිසිලස අපමණය.

හාවාගල කඳු මුදුනෙන් පටන් ගන්නා මෙම ඇල්ල වෙනත් ඇලි මෙන් එතරම් උස් නැත. දිය ඇල්ලේ වතුර වැටෙන ආකාරය පහනක තුඩක් සේ දිස්වෙන හෙයින් මෙය පහන්තුඩාව ඇල්ල ලෙස හඳුන්වනු ලැබීය. එහි ස්වාභාවික පිහිටීම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට බෙහෙවින් ඉවහල් විය. කොළඹ - බදුල්ල මාර්ගයේ 155 වන කිලෝමීටර් කණුව ආසන්නයේ පිහිටි බෙලිහුල්ඔය තානායමට වම් දෙසින් ලඳුයාය පාරේ කිලෝමීටර් දෙකක් පමණ ගිය තැන පෞද්ගලික විදුලි බලාගාරයක් හමුවේ.

එතැනින් පහළට ගමන් කරද්දී පහන්තුඩාවෙන් ගලන දිය පහර දැකගත හැකිවේ. දේශීය, විදේශීය සංචාරකයන්ට මෙන් ම බාල මහලු, වැඩිහිටියන් මෙන් ම මහ සංඝරත්නය ද මේ දැකුම්කලු මනරම් පරිසරය දැක ගැනීමේ අටියෙන් පහන්තුඩාවට පිවිසෙති. පාසල් දරුවන්ගෙන් සැදුම්ලත් ගුරුවර, ගුරුවරියන් සිය අධ්‍යාපන චාරිකාවන් සඳහා ද පහන්තුඩාව නැරඹීම තෝරා ගනිති. මේ නිසා කොරෝනා වසංගතයට පෙර පහන්තුඩාව නැරඹීමට එන පිරිස් සඳහා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින් සුළු මුදලක් ද අය කෙරිණි.

මෙම සිද්ධිය මහ සංඝරත්නය තුළ මෙන් ම පරිසර හිතකාමී පිරිසගේ ද දැඩි අවධානයට මෙන්ම දෝෂදර්ශනයට ද ලක්විණි. ඒ අසැබි ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් මාධ්‍ය තුළ සංසරණය වීමත් සමගිනි. එම වීඩියෝවේ සටහන් වී තිබුණේ තරුණ යුවළක් පහන්තුඩාව ඇල්ල සමීපයේ පිහිටි ගල්තලාවක් මත නිරුවතින් අඹු සැමියන් ලෙස හැසිරෙන ආකාරයයි. මෙම නිරුවත් වීඩියෝව නිසා වැඩියෙන් අම අපහසුතාවට පත්වූයේ පූජක පක්ෂයයි.

දූ, දරුවන්, වැඩිහිටියන් මින් කලබලයට පත්වූ අතර මේ බව මාධ්‍ය මගින් හෙළි කිරීමත් සමග මුළු රටේ ම අවධානය මෙම වීඩියෝ පටය වෙත යොමු විය. මින් තිගැස්සීමට පත්වූ බොහෝ මවුපියන් එම වීඩියෝ පටය ජංගම දුරකතන හරහා සිය දරුවන් අතට පත්වීම වළකා ගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව ගැටලුකාරී තත්ත්වයකට පත්විය. ඊට හේතු වූයේ මේ දිනවල මාර්ගගත අධ්‍යාපන ක්‍රමය මගින් අධ්‍යාපන කටයුතු හදාරන හෙයින් ඔවුනත ජංගම දුරකතන නිතර ගැවසෙන බැවිනි.

රටේ සදාචාර සංස්කෘතික විනාශ කරන්නා වූ මෙම වීඩියෝ පටය ගැන විවිධ කතා ඇති කරමින් යූ ටියුබ් මාධ්‍ය ඔස්සේ මෙම ක්‍රියාව දැඩි ලෙස හෙළා දැක බලධාරීන්ගේ දෙනෙත් ඒ සඳහා යොමු කරද්දී ඇතැම් පිරිස් තම තමන්ගේ පෞද්ගලික නිදහස පිළිබඳ තර්ක විතර්ක ද ගෙන හැර පෑහ. බටහිර සංස්කෘතියට මෙම සිදුවීම අතිශයෝක්තියක් නොවූව ද බෞද්ධ බහු සංස්කෘතික සමාජයක් පවතින රටකට මෙම සිදුවීම අනුමත කළ හැකිද යන්න සිතීම උගහටය. කෙසේ වෙතත්, මේ පිළිබඳව දැනුවත්වීමත් සමග ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් කළේය.

පහන්තුඩාව අයත් වන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ පොලිස් වසමේ සමනල ගම පොලිසියටය. මෙම නිරුවත් වීඩියෝව දුටු සමනල වැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක විජේසිංහ මහතා මේ බව උසස් නිලධාරීන් දැනුවත් කොට රහස් පොලිසියේ පරිගණක විමර්ශන කොට්ඨාසය ද මේ සම්බන්ධයෙන් දැනුවත් කළේය. ඒ අතරතුර දම්සක් පදනමේ සභාපති ශාස්ත්‍රපති පස්සරමුල්ලේ දයාවංශ හිමි ද මෙම නිරුවත් වීඩියෝව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ද පැමිණිලි කළහ.

මෙම අභාග්‍යසම්පන්න ක්‍රියාව අපේ රටේ සංචාරක ව්‍යාපාරය ගැන අසුබ ආරංචියක් පැතිර යාම බවත් මෙහි වඩාත් ඛේදනීය තත්ත්වය වනුයේ ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබන දරුවන් ද මෙවැනි දර්ශන නැරඹීමට යොමුවීම බව ද පෙන්වා දී ඇති උන්වහන්සේ මේ සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ප්‍රාදේශීය සභාපතිවරයාත් සමනල වැව පොලිසියෙනුත් ලැබුණු පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කෙරිණි.

මෙවන් සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් ඔස්සේ සිදුකරන අපරාධ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා වෙන ම ඒකකයක් රහස් පොලිසියේ පිහිටුවා ඇත. විමර්ශන භාර වූයේ එම ඒකකයටය. පොලිස් පරීක්ෂක දයාශ්‍රී ඇතුළු කණ්ඩායමකට මෙම විමර්ශන භාර විණි. ඒ පසුගිය පළමු වන දා ය. විමර්ශනය ඇරැඹීමත් සමග පරිගණක අංශයේ තවත් කණ්ඩායමක් නිරුවත් වීඩියෝ ඇතුළත් වෙබ් අඩවිය වෙත පිවිසිණි. එම සෝදිසි කිරීමේදී ශ්‍රී ලාංකිකයන් විසින් අන්තර්ජාලයට යොමු කළ නිරුවත් වීඩියෝ විශාල සංඛ්‍යාවක් නිලධාරීන් අතට පත්විය. පසුව නිලධාරීන්ගේ අවධානය යොමු වී තිබුණේ ඒ අතර තිබූ මෙම නිරුවත් වීඩියෝව රැගත් වෙබ් අඩවිය කෙරෙහිය.

වැඩිදුර තොරතුරු සොයද්දී අදාළ වෙබ් අඩවිය හඳුනාගත් නිලධාරීන් එම වෙඩ් අඩවිය සටහන් වී ඇත්තේ කිනම් නමකින් බවට ද අනාවරණය කර ගැනිණි. පසුව මෙම වෙබ් අඩවියට අදාළ තවත් චැනල් කිහිපයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිණි. ඒ අනුව අනාවරණය වූයේ මෙම ක්‍රියාව සිදුවීම් මාලාවක් ලෙස වීඩියෝ සීරියස් එකක් ලෙස කලක් තිස්සේ කරගෙන ගොස් ඇති බවය. පසුව මේ සම්බන්ධයෙන් ආවේශන රාජකාරියක නිරත වූ නිලධාරීන් මෙම වෙබ් අඩවියට අදාළ ට්විටර් ගිණුමක් ඇතුළු තවත් ගිණුමක් ද සොයා ගත්තේය. ඒ සියලු ම ගිණුම් අදාළ වෙබ් අඩවිය යටතේ පැවැත්විණි. විවිධ අසැබි දර්ශන ඇතුළත් මෙම වෙබ් අඩවියේ අදාළ ගිණුම් දෙකක් ද හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි විය.

අන්තර්ජාල අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයට අනුව මෙවන් විවිධ රටවල වෙබ් අඩවි සම්බන්ධයෙන් විදේශීය රටවලින් තොරතුරු ලබා ගැනීමට පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පහසුකම් ලබාදී තිබිණි. පසුව රහස් පොලිසිය මගින් මෙම වෙබ් අඩවියට නිල දැනුම්දීමක් කරමින් එම වෙබ් අඩවියේ තොරතුරු ඉල්ලා ඇත. එය මෙවන් අසභ්‍ය වෙබ් අඩවි හඳුනා ගැනීමෙන් පසු විමර්ශන නිලධාරීන් සිදුකරන එක් ක්‍රමවේදයක්ය. මෙම අසැබි වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුසුකරන ලද විස්තර හා අයි.පී. ලිපින දුරකතන අංක ගිණුම් අංකවල තොරතුරු ලබාගැනීම මෙලෙස සිදුකරන ලද අතර එමගින් මෙම වීඩියෝ අන්තර්ජාලයට දැමීමෙන් පසු මොවුන්ට විදේශීය වෙබ් අඩවිවලින් මුදල් ලැබෙන ක්‍රමවේද පිළිබඳ තොරතුරු ලබාගෙන ඇත.

ඊමේල් අංක අයි.පී. අංක දුරකතන අංක හා එම වෙබ් අඩවිවල හිමිකරුවන්ගේ හැඳුනුම්පත් අංක ද විමර්ශන නිලධාරීන් ලබාගත් අතර පසුව ලබාගත් දුරකතන අංක විශ්ලේෂණය කරමින් විමර්ශනය පුළුල් කළේය. එමගින් මෙම අසැබි වෙබ් අඩවියේ හිමිකරු කවුදැයි හඳුනා ගන්නා නිලධාරීන් ඉකුත් බ්‍රහස්පතින්දා සවස මහරගම බලා ගියේ නිරුවත් වෙබ් හිමිකරු කොටුකර ගැනීම සඳහාය. ඒ වන විට ඔහු සමග නිරුවතින් රඟපෑ තරුණියගේ තොරතුරු ද නිලධාරීන් සතුව තිබිණි. පොලිස් පරීක්ෂක ජය ශ්‍රී ඇතුළු නිලධාරීන් කණ්ඩායමට කාන්තා කොස්තාපල්වරියන් ද ඇතුළත් විණි.

වෙබ් හිමිකරුගේ මහරගම නිවසට ගිය ද නිලධාරීන්ට එහිදී දැන ගන්නට ලැබී ඇත්තේ ඔහු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනය වී සිටින බවය. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් ඔහුව අත්අඩංගුවට ගත් නිලධාරීන් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසු අන්තර්ජාලයට සම්බන්ධ උපකරණ රැසක් ද අත්අඩංගුවට ගත්තේය. ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහු සමග නිරුවතින් අසභ්‍ය දර්ශනවල පෙනී සිටි කාන්තාව ද පන්නිපිටිය නිවසකදී අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිවිය. ඇය සිටියේ එම නිවෙසේ ඇනෙක්සියක නතර වීය. නිලධාරීන් නිවෙසට යනවිටත් ඇය කිසියම් රොගී තත්ත්වයක පෙළෙමින් සිටියාය.

විසිහත් හැවිරිදි ඇය ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ අතර අත්අඩංගුවට ගත් තරුණයා සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබිණි. ඇයගේ කාමර කුලී, කෑම, බීම, ඇඳුම්, පැලඳුම් සඳහාත් මෙවන් වීඩියෝ දර්ශනවල නිරුවතින් රඟපෑම සඳහා සැකකාර පුද්ගලයා විසින් ඇයට මුදල් ලබාදී තිබිණි. ඒ හැරෙන්නට ඇය කිසිදු රැකියාවක් සිදුකර නැති බව ද ප්‍රශ්න කිරීමේදී හෙළි විය. ඇය අවිවාහක කාන්තාවක් වූ අතර ඇය සමග නිරුවත් චිත්‍රපට රඟපෑ අත්අඩංගුවට ගත් පුද්ගලයා විවාහකයෙකි. ඔහු ඡායාරූප ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇති අතර විවාහ මංගල උත්සවයකදී දෙදෙනා හඳුනාගෙන ඇතැයි කියයි. පසුව සැකකරු විසින් ඇය පන්නිපිටිය ප්‍රදේශයේ ඇනෙක්සියේ රඳවා ඇය සමග අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත. සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහුගේ විවාහක බිරිය සමග සිය නිවෙසේ සිටියදීය. පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නා තුරු සැමියාගේ ක්‍රියා කලාපය ඇය නොදැන සිටි බව ඔහුගේ බිරිය නිලධාරීන්ට පැවසුව ද විමර්ශන නිලධාරීන් එය පිළිගත්තේ නැත.

"මම නම් දැනගෙනයි හිටියේ සර් සී.අයි.ඩී. එකෙන් මාව අල්ලයි කියලා."

අත්අඩංගුවට ගත් නිරුවත් රූපවල පෙනී සිටි තරුණිය නිලධාරීන් හමුවේ කීවාය. විමර්ශන නිලධාරීන් ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට වූ අතර එහිදී අනාවරණය වූයේ මෙම නිරුවත් අසැබි වීඩියෝ රූගත කිරීම් වසර දෙකක් තිස්සේ මෙම යුවළ විසින් සිදුකර ඇති බවය. ඒ සම්පූර්ණයෙන් මුදල් ඉපයීමේ පරමාර්ථය ඇතිවය බව ද අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකි විය. ඒ සඳහා විදේශීය වෙබ් අඩවි හරහා මොවුන්ට ඇමෙරිකානු ඩොලර් ලැබී ඇතැයි විමර්ශන නිලධාරීන් සැක පහළ කරයි.

මේ අතර විමර්ශන නිලධාරීන් පවසන්නේ මොවුන්ගේ මෙම වෙබ් අඩවි සියල්ල ඇමෙරිකානු 'බේස්' එකක් බවය. නිරුවතින් පෙනී සිටින රූප රාමු අන්තර්ජාලයට යෙදවීමෙන් අනතුරුව එම දර්ශන නරඹන පුද්ගලයන්ගෙන් සැකකරුගේ ගිණුම්වලට මාසිකව විශාල ලෙස මුදල් ලැබී තිබේ. එයට රහ වැටුණු සැකකරු ඔහුගේ අනියම් පෙම්වතිය යොදාගෙන මෙම වීඩියෝ 40ක් පමණ රූගත කර අන්තර්ජාලයට මේ වනවිටත් යොදා ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ. සැකකරුට ලැබෙන මුදල්වලින් කොටසක් ඔහු විසින් අනියම් කාන්තාවට ද ලබාදී ඇය නඩත්තු කර තිබිණි. මොවුන් දෙදෙනා හැරෙන්නට මෙම ක්‍රියාවලිය වෙනත් කිසිදු අයෙකු දැන සිට නැතැයි ද විමර්ශන නිලධාරීහු කියති.

"මේ නිරුවත් චිත්‍රපට සියල්ල කරලා තියෙන්නේ මේ දෙන්නා එකතුවෙලා. ලංකාවේ පිරිමින්, කාන්තාවන් පෙනී සිටින නිරුවත් පින්තූර, වීඩියෝ පට ඕනෑ තරම් අන්තර්ජාලයේ තියෙනවා. ඒත් මේ වීඩියෝව මෙතරම් දුරට යන්න තරම් ප්‍රශ්නයක් වුණේ පහන්තුඩාව කියන ඔය සුන්දර ඇල්ල ළඟ වීඩියෝ කරපු නිසා. ඒක අපේ රටේ සදාචාරය, සංස්කෘතියට බලපාන කරුණක්. මේක මාධ්‍යවල පළ වුණාට පස්සේ මේ දෙන්නා ඉඳලා තියෙන්නේ සෑහෙන්න බියෙන්. ඒත් එයාලා හිතලා තිබුණේ කවදාවත් මේක අහුවෙන්නේ නැහැ කියලා. මේ වගේ දෙයක් අල්ලන්න හරි අමාරුයි. ඒ නිසා තමයි මේ දෙන්නා හිතුවේ මේක අල්ලන්න බැහැ කියලා. ඒත් පරිගණක විමර්ශන නිලධාරීන් පැය 48ක් ඇතුළත ඔක්කො ම විස්තර සොයාගෙන සැකකාර යුවළත් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ නිරුවත් වීඩියෝව නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, රූගත කිරීම, රඟපෑම සියල්ල ම කරලා තියෙන්නේ මේ සැකකරු විසින් ම යි. සමහර මාධ්‍ය ජාලාවල මේ ගැන සමහරක් අය කියලා තිබුණා මේක නෙමේ ලොකු ම දේ අල්ලන්න තරම් කියලා. ඒක වැරදියි. කවුරුහරි අන්තර්ජාලය හරහා පහන්තුඩාව ගැන තොරතුරු දැනගන්න ගියා ම ඒ වෙබ්වල කෙළින් ම තිබෙන්නේ මේ නිරුවත් පින්තූර ටික. අනෙක රටේ සංස්කෘතියට ප්‍රශ්නයක්. මේවා වීඩියෝ කළාට අපිට ප්‍රශ්නයක් නැහැ. ඒත් මේවා ජාත්‍යන්තරව ප්‍රචාරය වුණා ම අපේ රටට තියෙන කැළල අපේ අනාගත පරපුරගේ සිත් සතන් පවා දූෂිත වෙනවා," යැයි සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් කීවේය.

රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර යුවළ දැඩි පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගැනුණ ද විමර්ශන නිලධාරීන් දැඩි අපහසුතාවට පත්වූයේ සැකකරුවන් රෝගී තත්ත්වයෙන් පසුවීම නිසාය. ඒ වන විට සැකකරු කොරෝනා ආසාදනය වී නිරෝධයනය වී තිබුණ ද ඔහු සමග රැඳුණු සැකකාරිය ද අසනීප තත්ත්වයෙන් සිටිය ද පී.සී.ආර්. පරීෂණයක් ද සිදුකර නොතිබිණි.මේ හේතුව නිසා ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු වැඩිදුර විමර්ශන හා ඔවුන් ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ඇප මත එම යුවළ මුදාහැර තිබිණි.

පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ අධීක්ෂණය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ උපදෙසින් පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතාගේ මෙහෙයවීම මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දයාශ්‍රී ප්‍රමුඛ උපපොලිස් පරීක්ෂක නිශාන්ත, සැරයන් අරුණ ශාන්ත, කොස්තාපල්වරුන් වූ විරංග, නිලුපුල් , මහේෂ් ජයවර්ධන, ලහිරු, ලසන්ත හා පොලිස් කොස්තාපල්වරියන් වූ මධුෂාණි හා මධුෂිකා යන පිරිස මේ පිළිබඳ විමර්ශනවලට එක්ව සිටියහ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha