පොලිසියේ දී සිදු වූ අහස පොළොව නුහුලන අපරාධය (VIDEO)

arrested harassment mirihana padukka bope
By Sewvandhi Jun 30, 2021 04:47 PM GMT
Report

පාදුක්ක බෝපේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියකට සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය දර්ශන එවා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.මෙම සිදුවිම සම්බන්ධයෙන් දැරියගේ දෙමව්පියන් පාදුක්ක පොලිසියට පැමිණිල්ලක් සිදුකිරීමට ගොස් තිබුණේ පසුගිය 20 වැනිදායි.

එදින පාදුක්ක පොලිසිය මගින් පැමිණිල්ල බාර නොගැනීම හේතුවෙන් ඔවුන් මිරිහාන පොලිසියට ගොස් පැමිණිලි කර තිබෙනවා.

ඊට පසුදින යළි දැරිය සහ දෙමව්පියන් පාදුක්ක පොලිසියට ගොස් තිබුණේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කිරිම සඳහායි. එහිදි කිසිදු හේතු දැක්විමකින් තොරව දැරියගේ පියා සිරගත කොට දැරියගේ මවට අතවර කළ බවට ඔවුන් චෝදනා කරනවා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now