කොළඹ නගරයේ ඔක්සිජන් පහල බසී…..
oxygen drops in colombo
By Thaya
කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත.
නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.
කෙසේ වුවද මෙතෙක් මෙම ගැටළුවෙන් ජනතාවට නොදැනෙන්නේ මුහුද ආසන්න නගරයක් වන කොළඹ නගරයට සාගරයෙන් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට පැමිණීම හේතුවෙනි.
එම තත්ත්වය මත නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතාම ගණනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව සහ පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව තීරණය කර ඇත.
එමෙන්ම කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද තීරණය වී ඇත.