බස්නාහිරින් පිට පලාත් වල වෛරසය පැතිරීම 50%ට අධික ප්‍රමාණයකින් පැතිර යයි...අවධානම් තත්ත්වයක්.

police
By Thaya Jan 12, 2021 07:28 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් පැතිරී ගිය කොරෝනා වෛරසය දැනට එම පළාත් වලින් මේ වන විට පිට පළාත්වලට ද පැතිර යමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ එසේ ව්‍යාප්ත වන වෛරසයේ සංකූලතාවද වෙනස්වී ඇති බවයි.

දැනට ලැබෙන තොරතුරු අනුව බස්නාහිරින් පිට පලාත් වල වෛරසය පැතිරීම 50%ට අධික ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ද ඒ මහතා සඳහන් කළා.

විශේෂයෙන්ම කෑගල්ල ප්‍රදේශය තුළ අලුතෙන් පොකුරු දෙකක් බිහි වී ඇති බවත් එම ආසාදිතයන් මුල් දිනවලදීම රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ඔහු තවදුරටත් පැවසීය.